HMC

Kahatapitiya Yogasshramaya

Buddhist temple in Baddegama

Updated: February 19, 2024 06:38 PM

Kahatapitiya Yogasshramaya is located in Baddegama (Town in Sri Lanka), Sri Lanka. It's address is Galle - Elpitiya Rd, Sri Lanka.

Galle - Elpitiya Rd, Sri Lanka

645J+87 Batapola, Sri Lanka

+94 70 686 3290

Questions & Answers


Where is Kahatapitiya Yogasshramaya?

Kahatapitiya Yogasshramaya is located at: Galle - Elpitiya Rd, Sri Lanka.

What is the phone number of Kahatapitiya Yogasshramaya?

You can try to calling this number: +94 70 686 3290

What are the coordinates of Kahatapitiya Yogasshramaya?

Coordinates: 6.2083094, 80.1307209

Kahatapitiya Yogasshramaya Reviews

Sahiru Chamalke
2021-10-13 01:35:58 GMT

Better place for meditation

Dimuthu Thushara
2022-01-27 10:37:38 GMT

Rohana Premachandra
2021-05-19 20:51:47 GMT

බටපොළ කහටපිටිය සතිපට්ඨාන භාවනා යෝගාශ්‍රමය.
අම්බලන්ගොඩ නගරයේ සිට කිලෝමීටර දහයක් පමණ දුරින් පොල්හුන්නාව ග්‍රාම නිලධාරි වසමේ කහටපිටිය ගම්මානයේ මනාව වැඩුණු තුරු-ලතාවන්ගෙන් සුසැදි රමණීය නිසසල වන පෙතෙහි පිහිටි මෙය, දැකුම්කළු පූජනීය ස්ථානයකි. සිත් ඒකාග්‍ර කරවන නිහැඬියාව දහමට සිත යොමු කිරීමට ම උචිත පරිසරයක් සකසා තිබේ.
මේ සේනාසනය ආරම්භ කිරීමට මූලික ව කටයුතු කර ඇත්තේ අභිධම්මික පණ්ඩිත පූජ්‍ය දොඩම්පහළ කවිධජ ස්වාමීන් වහන්සේ සහ විනයාචාර්ය පූජ්‍ය මොරටුවේ වාචිස්සර ස්වාමීන් වහන්සේ ය. අම්බලන්ගොඩ වැල්ලබඩ පත්තුවේ ශ්‍රී බුද්ධ ජයන්ති ශීල භාවනා සමිතියේ සාමාජිකයන් ද ප්‍රදේ්ශවාසීන් ද එක් ව මෙම රමණීය වන පියස ආගමික පරිසරයක් ඇති කිරීමට ඉතාමත් සුදුසු ස්ථානයක් ලෙස හඳුනාගෙන, 1956 වසරේ දී රජයේ බදුකරයක් මත ලබාගෙන තිබේ.
කහටපිටිය සතිපට්ඨාන භාවනා යෝගාශ්‍රමය නමින් පාලක සමිතියක් බිහි කරනු ලැබිණි. එම භූමියෙහි තාවකාලික ගොඩනැගිල්ලක් ඉදි කැරිණි. ආරම්භයේ පටන් මෙහි වැඩ වාසය කළ භාවනානුයෝගී භික්‍ෂූන් වහන්සේලාගේ ඉතාමත් ශාන්ත ඇවතුම් පැවතුම් හා නිසි වත්පිළිවෙත් ද කවිධජ ස්වාමීන් වහන්සේගේ කාව්‍යමය ධර්ම දේශනා විලාශය ද ගැමියන්ගේ සිත්සතන් පැහැදවීම නිසා මෙම සේනාසනය දිනෙන් දින වැඩිදියුණු විය.
කලක් මෙලෙස ගත විය. දොඩම්පහළ කවිධජ ස්වාමීන් වහන්සේ සහ මොරටුවේ වාචිස්වර ස්වාමීන් වහන්සේ අපවත් වූ හ.
යෝගාශ්‍රමය කෙමෙන් කෙමෙන් ගරාවැටෙන තත්ත්වයකට පත් වීය. ප්‍රදේශවාසී බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වී ඉතා දියුණු තත්ත්වයකට පත් ව තිබූ මෙම යෝගාශ්‍රමය 1978 අග භාගය වන විට මෙලෙස වැසී ගියේ ය.
මේ පූජනීය ස්ථානයේ ගරාවැටීමෙන් කම්පාවට පත් දායකයකු වූ කොරනේලිස් අප්පුහාමි ඇතුළු බෞද්ධ සැදැහැවත් පිරිසක් යෝගාශ්‍රමය නැවත නගාසිටුවීමට එක් වූ හ. ඔවුහු සේනාසනයේ නව පාලක සමිතියක් පිහිටුවා, දෙල්දූවේ වැඩවාසය කළ රාජකීය පණ්ඩිත කිරින්දේ චන්ද්‍රසුමන හිමියන් හමු ව, මෙම සේනාසනය භාර ගෙන එයට නැවත ජීවය දෙන ලෙසට ආරාධනා කළහ. එම ආරාධනාව පිළිගත් හිමිපාණෝ කහටපිටියට වැඩම කර, විවිධ දුෂ්කරතා මධ්‍යයේ දැඩි කැපවීමෙන් හා අප්‍රතිහත ධෛර්යයෙන් දායකදායිකාවන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ලබමින් ඉතා ඉක්මනින් යෝගාශ්‍රමයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹූ හ. එවකට මෙම සෙනසුනෙහි වැඳුම් පිදුම් සඳහා තිබුණේ බුදුමැඳුර පමණි.
මුලින් ම බුදු පිළිම වහන්සේට නේත්‍ර තබා බුදුමැඳුර ප්‍රතිසංස්කරණය කරවූ හ. උඩමළුවේ බෝධීන් වහන්සේ නමක් රෝපණය කර තිබුණත් එය ගොටුකොළ පැළයක් පමණ කුඩා විය. ආරණ්‍ය සේනාසනයට ඇතුළු වන දොරටුව අබියස පාත්තරයක රෝපණය කළ තවත් කුඩා බෝධීන් වහන්සේ නමක් විය. චන්ද්‍රසුමන හිමියෝ එම බෝධිය ද උඩමළුවට වැඩමවා, කුඩා බෝ්ධිය රෝපණය කර තිබූ පාත්‍රය අසල එය ද රෝපණය කරවූ හ. අද මේ බෝධීන් වහන්සේලා දෙනම නිවුන් සොහොයුරන් ලෙස එක ම ප්‍රමාණයට ම අතුපතර විහිදුවා වැඩී තිබෙනු දැකිය හැකි ය. බෝධීන් වහන්සේලාට දකුණු පසින් චෛත්‍යය ද, වම් පසින් බුදුමැඳුරක් ද, ඉදිරිපසින් මෛත්‍රි බෝධිසත්ත්ව පිළිම වහන්සේගේ පිළිරුවක් ද ඉදි කරවනු ලැබිණ.
මෙනයින් මේ යෝගාශ්‍රමය වර්තමාන තත්ත්වයට ගෙන ඒමට පුරෝගාමී ව කටයුතුª කළ කිරින්දේ චන්ද්‍රසුමන හිමියෝ ස්වකීය පැවිදි සහෝදර ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත දෙල්දූවේ ඤාණසුමන ස්වාමීන් වහන්සේට සෙනසුනේ භාරකාරත්වය පැවරූ හ. උන් වහන්සේ යෝගාශ්‍රම උඩමළුව අංග සම්පූර්ණ පූජා භූමියක් බවට පත් කළ අතර, කතරගම කිරිවෙහෙර වහන්සේට අනුරූප ව ඉන් තුනෙන් එකක ප්‍රමාණයට ඉතාමත් අලංකාර සෑයක් ‘මහසෙන් සෑය’ නමින් ඉදි කිරීමට පුරෝගාමි වූ හ; බුදුමැඳුර ද ප්‍රතිසංස්කරණය කොට, බෝධීන් වහන්සේලා වටා ආරක්‍ෂක වැටක් ඉදි කරවූ හ.
පසු කාලීන ව දීප ව්‍යාප්ත ධර්ම වැඩසටහන්වලට සහභාගි වීම සඳහා ඤාණසුමන හිමියන්ට රාජගිරිය කලපලුවාවේ පිහිටි ධර්ම විහාරයේ වැඩ වාසය කිරීමට සිදු වූ හෙයින් සේනාසනය භාර ව කටයුතු කිරීම පූජ්‍ය කළුබෝවිටියන ඤාණවිමල ස්වාමීන් වහන්සේ වෙත පැවැරිණි. සුපේශල ශික්‍ෂාකාමී තරුණ භික්‍ෂූන් වහන්සේ නමක් වූ එම ස්වාමීන් වහන්සේගේ කරුණා මෛත්‍රිය සහ සුහදත්වය ද මෙම ආරණ්‍ය සේනාසනය දිනෙන් දින දියුණු වීමට හේතු වී ඇත. උන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයෙන් සහ පාලක සමිතියේත් දායක-දායිකාවන්ගේත් සහයෝගයෙන් අබලන් ව පැවති ධර්මශාලාව වෙනුවට 1500කට පමණ හිඳ බණ ඇසිය හැකි අලංකාර ධර්මශාලාවක් ඉදි කරවනු ලැබිණ. ධර්මශාලාවට කුටියේ සිට වැඩම කිරීමට පහසුව පිණිස අලංකාර පාලමක් ද සකස් කැරිණි. එහි ඉහළ මාලයේ වැසි දිනවලදී භික්‍ෂූන් වහන්සේලාට භාවනා කිරීම සඳහා පහසුකම් ද සකස් කර ඇත.
සෑම මසක ම පොහොය දිනට 500කට ආසන්න පිරිසක් ආධ්‍යාත්මික සැනසිල්ල පතා ශීල ව්‍යාපාරයට සහභාගි වීම සඳහා කහටපිටිය ආරණ්‍ය සේනාසනයට පැමිණෙන අතර, වෙසක් පොහොය දිනට 1000ත් – 1500ත් අතර විශාල පිරිසක් සිල් සමාදන් වෙති.

Write a review of Kahatapitiya Yogasshramaya


Kahatapitiya Yogasshramaya Directions
About Baddegama
Town in Sri Lanka

Baddegama is a main town in Galle District, Southern Province, Sri Lanka. Baddegama is accessible from the E01 Southern Expressway, and is located 1.8 km from the Baddegama Expressway Inter Exchange and 102 km from Colombo. source

Top Rated Addresses in Baddegama

Addresses Near Baddegama